Sunday, June 21, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

    #BleedGood හරහා ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීමට MAS Femography සහ Selyn පදනම එක් වෙයි

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

‘කච කච’ රැඩිකල් ප්‍රකාAශනයේ දශකයක සැමරුම කොළඹදී

news by news
August 25, 2025
in ව්යාපාරික
0
‘කච කච’ රැඩිකල් ප්‍රකාAශනයේ දශකයක සැමරුම කොළඹදී
1
SHARES
5
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

‘කච කච’ රැඩිකල් ප්‍රකාAශනයේ දශකයක සැමරුම කොළඹදී

කම්කරු පන්තියේ බාර් වල,වාරණය නොකළ, ත්‍රෛභාෂා කථන හා කලා වැඩසටහන්වලට අවුරුදු 10ක් සමරමින්, නව උපකරණ ප්‍රදාන දියත් කිරීමක් සහ භාෂාව, පන්තිය, ගණය වැනි සීමාවන් ඉක්මවන සහයෝගීතාවයකට සමූහ ආරාධනයකි මේ.

You might also like

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

අගෝස්තු 23, 2025 කොළඹ, ශ්‍රී ලංකාවේදී: 2015 දී දැන් වසා දමන ලද කාසල් හෝටලයේදී සංවිධානය කළ සරල කලා රාත්‍රියක් ලෙස ආරම්භ වූ KACHA KACHA, අද වනවිට කොළඹ නගරයේ දිගුකාලීන හා ශක්තිමත්ම නිර්මාණාත්මක වේදිකාවන්ගෙන් එකක් ලෙස වර්ධනය වී ඇත.

2025 දී, KACHA KACHA හි නිදහස් ප්‍රකාශනය, ප්‍රජා සත්කාරය සහ සංස්කෘතික ප්‍රතිරෝධයේ දශකයක් සනිටුහන් කරමින් විශේෂ සැමරුමක් අගෝස්තු 23, සවස 6.00 සිට රාත්‍රී 7 දක්වා කොළඹ රජයේ සේවා ක්‍රීඩා සංගමයේදී (Government Service Sports Club) පැවැත්වේ. මෙම රාත්‍රිය අවංක, ස්වදේශීය කලාවේ බලය විශ්වාස කරන ඕනෑම කෙනකුට නොමිලේ විවෘතයි.

ආරම්භයේ සිටම, KACHA KACHA සම්පූර්ණ සහභාගිත්වයක් ප්‍රවර්ධනය කරමින්, කාව්‍ය, රැප්, ගායන-රචනාකරුවන් සහ අනෙකුත් කලාකරුවන්ට දෙමළ, සිංහල, ඉංග්‍රීසි හෝ ත්‍රෛභාෂා මිශ්‍රණයක් තුළ නිදහස්ව කලාකරන්නට අවස්ථාව සැලසූ අගනා හා අත්‍යවශ්‍ය අවකාශයක් විය.

ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ විවිධත්වය සමරමින්, කම්කරු පන්තියේ බාර්වල එකතුවෙන මෙම වැඩසටහන් පෙල, ‘කලාව කාටද’ යන්න සහ ‘කලාව ජීවත් වන්නේ කොහෙද’ යන්නට නව අර්ථයක් ලබා දුනි. අසම්පූර්ණ, නිපුණ නොවූ කතාවලින් බහුල වූ මේ අවකාශය නිතර එන්නන්, නවකයින් සහ නොගැලපෙන්නන්ට එක සේ තෝතැන්නක් විය.

“KACHA KACHA පිටුපස සංකල්පය නගරය, අනන්‍යතාවය සහ නාගරිකත්වයයි. යුද්ධයෙන් පසු, විචිත්‍රකීරීමේ සහ ශුද්ධීකරණයේ සංවර්ධන සිහිනයක් බවට පත් වෙමින් තිබූ කොළඹට අභියෝග කිරීමට මට වුවමනා උනා”, එවකට Colomboscope හි සහ-සංවිධායක රධීකා හෙට්ටිආරච්චි මෙම වැඩසටහන ඇරඹුවේ බිඳ භෙලීමේ තර්ජනයට ලක්ව තිබූ, ඇගේ හදවතට සමීප පරිශ්‍රයකට අවධානය යොමු කිරීමටයි.

“කාසල් හෝටලය අතුරුදහන් වෙමින් පවතින ‘සැබෑ’ නගරයේ සංකේතයක්. අපගේ අරමුණ උනේ මෙම ස්ථානය අල්ලා ගැනීම නොව, ඉතිහාසයන්ගෙන් සහ සංගීතයෙන් මෙය ‘ජීවමාන’ කිරීමයි.

මේ නගරය, අප සැමට පිටවීමේ භීතියකින් තොරව ජීවත් විය හැකි ස්ථානයක්. KACHA KACHA හි උපත එයයි. ඉමාඩ් එහි ප්‍රමුඛත්වය දැරුවා” ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා. මුල් කාලයේ සිටම මෙම වේදිකාවේ සහ-සංවිධායකයෙකු වූ ඩිලන් ප්‍රන්ස්ට අනුව, මෙහි හරය සැමවිටම සම-නිර්මාණයයි.

“මෙය ඕනෑම කෙනෙකුට පැමිණ සහෝදරත්වය, ස්වාධීනත්වය සහ ප්‍රීතිය විඳින්නට හැකි අවකාශයක්” KACHA KACHA බිහි වූයේ “වර්ගවාදය විසුරුවා හැරීමේ අවශ්‍යතාවයෙන්.” සහ-සංවිධායක, අධ්‍යක්ෂ සහ සම්පාදක ඉමාඩ් මජීඩ් පවසන පරිදි, “මෙය කිසි විටෙකත් හුදෙක් කලා රාත්‍රියක් නොව, සහයෝගිතාව මත මුල් බැසගත් ව්‍යාපාරයක්” වුනා.

මෙම සැමරුමේදී පසුගිය වසර දහය තුළ මතක සටහන්, පෝස්ටර් සහ අදහස් ඇතුළත් සමරු සඟරාවක් එළිදැක්වීමට නියමිතයි. එමෙන්ම, අතීත වැඩසටහන් වල වීඩියෝ දර්ශන ඇතුළත් සංරක්ෂිත එකතුවක්ද මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.

අතීත සහ අනාගත කලාකරුවන් සමඟ ඔවුන්ගේ ගමන් මඟ සහ අභියෝග පිළිබඳව සාකච්ඡා මණ්ඩලයකින් පසු, කවි, සංගීත හෝ වේදිකාව සමඟ ඔවුන්ගේ පෞද්ගලික අත්දැකීම් බෙදා ගැනීමට කැමති ඕනෑම කෙනෙකුට අවස්ථාව සලසන විවෘත මයික් අංගයක්ද පැවැත්වෙනු ඇත.

තවද, ආයතනික සහාය හෝ ස්ථාවර ආදායමක් නොමැති, අවාසි සහගත ප්‍රජාවන් තුළ සිටින නැගී එන කලාකරුවන්ට මයික්‍රෆෝන, සංගීත භාණ්ඩ සහ පටිගත කිරීමේ උපකරණ වැනි අත්‍යවශ්‍ය මෙවලම් ලබා ගැනීමට උපකාර කිරීම සඳහා අලුතින් ආරම්භ කරන ලද KACHA KACHA උපකරණ ප්‍රදානය (KACHA KACHA Equipment Grant) පිළිබඳව ද කණ්ඩායම විසින් නිවේදනය කරනු ඇත.

මෙම ප්‍රදානය සඳහා අරමුදල් රැස් කිරීමේ ව්‍යාපාරයක්ද උත්සවය අතරතුරදී දියත් කිරීමට නියමිතයි.

රුපියල් 100,000 ක මුදලක් ප්‍රජා දායකත්වයන් හරහා රැස් කිරීමට මෙම කණ්ඩායම අපේක්ෂා කරයි. මෙම මුදල් ශබ්ද විකාශන යන්ත්‍ර කුලියට ගැනීම, සංග්‍රහ , සඟරා මුද්‍රණය සහ ප්‍රවාහන වියදම් වැනි මූලික අවශ්‍යතා සඳහා යොදවනු ඇත. “අපි මේ වේදිකාව කවදාවත් පාඩු ලබන ව්‍යාපාරයක් විදියට කරලා නැහැ,” යැයි මජීඩ් පවසයි.

“මහජන අරමුදල් රැස් කිරීම (Crowdfunding) නිසා එය අවංකව සහ විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යන්න පුළුවන්. මිනිස්සු හැමවිටම එකතු වෙලා ප්‍රජාවට උදව් කරනවා, සහයෝගය දෙනවා. ඕනෑම කෙනෙකුට මෙයට එකතු වෙන්න පුළුවන්.”

KACHA KACHA හි අනාගතය සඳහා, අතීත කලාකරුවන් සහ සංවිධායකයින්ගෙන් සැදුම්ලත් නව කණ්ඩායමක් පිහිටවෙනු ඇත. මෙම කණ්ඩායම කලාකරුවන්ගේ අලුත් වන අවශ්‍යතා පිළිබඳව සොයා බලමින්, සමානාත්මතාවය, නිර්මාණාත්මක නිදහස සහ සමාජ පන්ති විඥානය සහිත එකමුතුවක් සඳහා වන KACHA KACHA හි කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කරනු ඇත.

මෙම නව අදියර මෙහෙයවන්නේ වේදිකාවේ සිටින අය පමණක් නොවේ, තම ස්වර්ණමය යුගය සිහිපත් කරමින්, ආඩම්බරයෙන් තම දොරටු මෙම වැඩසහටහනට විවෘත කළ බාර් හිමියන් ද මේ සඳහා දායක වෙනු ඇත.

KACHA KACHA කිසිවිටෙකත් පරිපූර්ණත්වය හෝ කීර්තිය ගැන සැලකුවේ නැත. එය සැමවිටම අව්‍යාජ පැවැත්ම, සත්‍යය, සංවේදී බව සහ අවසරයකින් තොරව හඬ නැගිය හැකි ඉඩක් නිර්මාණය කිරීම පිළිබඳව විය. වසර ගණනාවක් පුරා, අපි එකට සිනාසුණා, ඇඬුවා, විරෝධතා දැක්වූවා, සහ නැටුවා. මේ රාත්‍රියේදී, අපි නැවතත් එම රිද්මයට පිවිසෙමු.

අගෝස්තු 23 වැනිදා, KACHA KACHA සාමූහිකය කලා නිර්මාණ කිසිදු පෙරහනකින් හෝ වාරණයකින් තොරව ඉදිරිපත් කරන විට සිදුවන්නේ කුමක්දැයි අත්විඳීමට, අලුතින් එක්වන හෝ පැරණි රසික සියලු දෙනාටම ආරාධනා කරයි. මෙම ව්‍යාපාරය පිළිබඳව වැඩිදුර දැන ගැනීමට හෝ සහයෝගය දැක්වීමට කැමති අය කරුණාකර ඉමාඩ් මජීඩ් (Imaad Majeed) 0766696489 දුරකථන අංකයෙන් සම්බන්ධ වන්න.

Previous Post

HNB, Teen+ Quiz Champs හරහා තරුණ පරපුර සවිබල ගන්වයි

Next Post

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ සේවා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි

news

news

Related Posts

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී
ව්යාපාරික

GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

by news
March 9, 2026
බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි
ව්යාපාරික

බයිරහා, ටොන් 500ක අමතර ශීත ගබඩා පහසුකම සමඟින් නිෂ්පාදන ගුණාත්මකභාවය හා සැපයීමේ හැකියාව ඉහළ නංවයි

by news
February 26, 2026
Next Post
සන්ෂයින් හෝල්ඩින්ග්ස් සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ සේවා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි

සන්ෂයින් හෝල්ඩින්ග්ස් සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ සේවා සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ‘Smart Life Challenge’ වැඩසටහන සාර්ථකව අවසන් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

HNB කාඩ්පත්හිමියන්ට මේ උත්සව සමයේ අසමසම ප්‍රතිලාභ සමඟින්

December 5, 2024
විෂ් ගෝවින්දසාමිගේ නායකත්වයෙන් පසු සන්ෂයින් හෝල්ඩින්ග්ස් ශ්‍යාම් සතාසිවම් සමඟින් නව යුගයකට පිවිසෙයි

April 3, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි
අධ්යාපනය

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026
ජනශක්ති ෆිනෑන්ස් පී.එල්.සී. සමාගමේ විකල්ප මූල්‍ය ව්‍යාපාර ඒකකය (AFBU) මෙරට ආචාරධාර්මික සහ ෂරියා නියමයන්ට අනුකූල මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ නව මානයක් සනිටුහන් කරයි

May 22, 2026
Prime සමූහය තරුණ පරපුර සවිබල ගැන්වීමේ මෙහෙවර ඉදිරියට ගෙනයමින් තර්ස්ටන් විද්‍යාලයීය 1st XV Leadership රග්බි කණ්ඩායමට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදෙයි.

24 වැනි DSI SUPERSPORT පාසල් වොලිබෝල් තරඟාවලිය නිවේදනයකෙරේ.

May 5, 2026
HNB FINANCE PLC, BMPC 2026 සම්මාන උළෙලේදී ගෞරවනීය සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

April 28, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

May 27, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved