Friday, August 7, 2026
  • English
  • தமிழ்
  • සිංහල
Times24.lk | සිංහල
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
    • All
    • ගමන්
    • ආහාර
    දකුණු වෙරළ තීරයේ සුන්දරත්වය සමඟ මුසු වූ රසවත් ආසියාතික ආහාරමය අත්දැකීම:

    භාතිය-සන්තුෂ් Charcoal Tandoor Fire Grill සමඟින් කතා බහට ලක් වෙයි

    Cinnamon Life අනුග්‍රහයෙන් ‘Weddings in the Sky’ මංගල ප්‍රදර්ශනය මාර්තු මාසයේදී

    දෘශ්‍ය කලා ශිල්පිනී වර්ෂා පෙරේරා ‘’වර්ණ-කාරි’’ ඒක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය එළිදක්වයි

    DIMO Healthcare සහ Siemens Healthineers සහයෝගීතාවයෙන් උසස් CT Simulator සමඟ පිළිකා ප්රතිකාර ප්රමිතීන් ඉහළ නංවයි

    HNB, නිරෝගී ජීවිතයක් වෙනුවෙන් ලංකා හොස්පිටල්ස් සමඟ එක්ව ස්ථානීය සුවතා මධ්‍යස්ථානයක් ආරම්භ කරයි

    Trending Tags

    • Bitcoin
    • Champions League
    • Explore Bali
    • Golden Globes 2018
    • Grammy Awards
    • Harbolnas
  • ව්යාපාරික
    Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

    ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

    සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

    IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

    ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

    GWM සහ BAIC රථවාහන සඳහා සුවිශේෂී ලීසිං විසඳුම් පිරිනැමීමට ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් සහ කොමර්ෂල් බැංකුව අත්වැල් බැඳගනී

    • Market Stories
    • Bitcoin
    • Litecoin
    • Harbolnas
    • United Stated
  • විනෝදාස්වාදය
    පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි

    Country Roads ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් 19 වන දා Cinnamon Life at City of Dreams හිදී

    සුමති ස්ටුඩියෝස් රිසානා – කූඩුවේ දමන ලද කිරිල්ලි – චිත්‍රපටය සමඟින් ජාත්‍යන්තර සිනමා ක්ෂේත්‍රයට පිවිසෙයි

    ‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

  • ක්රීඩා
    2024 වෙළෙඳ සේවා වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් ශූරතාව Ocean Lanka දිනා ගනියි

No Result
View All Result

Home ව්යාපාරික

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ දීප්තිමත් හෙට දවසක් වෙනුවෙන්

news by news
December 22, 2024
in ව්යාපාරික
0
ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ දීප්තිමත් හෙට දවසක් වෙනුවෙන්
2
SHARES
12
VIEWS
Share on FacebookWhatsAppShare on Twitter

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ දීප්තිමත් හෙට දවසක් වෙනුවෙන්

වසර 170ක් පමණ තිස්සේ කාලීන පරීක්ෂණයන්ට ලක්ව ඇති ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය අඛණ්ඩ අභියෝග මධ්‍යයේ ශක්තිමත්ව ඉදිරියට යාමට සමත්ව සිටියි. මෙම කාල සීමාව තුළ වසර 124 ක බි්‍රතාන්‍ය යටත් විජිත හිමිකාරීත්වයේ සිට පශ්චාත් නිදහස් යුගය (1948 – 1975, අවුරුදු 27) කර්මාන්තයේ හිමිකාරීත්ව ස්වභාවය සැලකිය යුතු ආකාරයේ වෙනස්කම්වලට ලක් විය. එහිදී දිනෙන් දින ඉහළ ගිය ජාතිකවාදී සිතුම් පැතුම් ඉඩම් හිමිකම් ප්‍රතිඵත්තිවල වෙනස්කම්වලට හේතු වූයෙන් රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ (1975 – 1992, අවුරුදු 17) ජන සතු කිරීම සිදු විය.

You might also like

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

අවසානයේදී රාජ්‍ය කළමනාකාරීත්වය යටතේ සිදුවූ අසාර්ථකත්වය මත 1992 වසරේදී කර්මාන්තය පෞද්ගලීකරණයට ලක්වෙමින් වර්තමාන කළමනාකාරීත්වය යටතට පත් විය. මෙම සුවිශේෂී වෙනස්කම් මධ්‍යයේ තේ, රබර් සහ අනෙකුත් අපනයන බෝගයන්හි ගුණාත්මක භාවය පිළිබඳ අසමසම විශිෂ්ටත්වයක් පවත්වා ගැනීමට ශ්‍රි ලංකාව සමත්ව ඇත. දිගු කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය උරුමයක්ව පවතින එම කර්මාන්තය අද වන විට ඉතා තීරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇත.

මෙරට වැවිලි කර්මාන්තය අතීතයේදී ආර්ථිකයට සුවිසල් දායකත්වයක් දක්වනු ලැබුවේ ගෝලීයව විශාල වශයෙන් අභියෝගයන්ට ලක් නොවෙමිනි. එහෙත් අද වන විට ගෝලීය වෙළෙඳපොල තරඟකරුවන් තුළ මෙන්ම දේශීය කර්මාන්තයන් ඇතුලු තරඟකරුවන් රැසක් අපගේ කර්මාන්තයට අභියෝග කරමින් සිටිති.

වැවිලි කර්මාන්තය මුහුණ දෙන අභියෝග

ඉහත දැක්වූ අභියෝග හේතුවෙන් වැවිලි කර්මාන්තය සාර්ථකව පවත්වාගෙන යාම ඉතා සංකීර්ණ කාර්යයක් බවට පත්ව ඇති අතර අතීත කළමනාකරණ ආයතනයන්හි පැවති ගැටලු කිහිපයක් නිවැරදි කිරීමට අවශ්‍යව ඇත. එමෙන්ම පෞද්ගලික හා රාජ්‍ය අංශයේ පරිපාලනය අතර පවතින ගැටුම් හේතුවෙන් එය තව දුරටත් අර්බුධයට ලක්ව ඇත.

මේ වන විට දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන්ද විවිධ අංශයන් තුලින් වැවිලි කර්මාන්තය තරඟකාරීත්වයට මුහුණ දෙමින් සිටියි. විශේෂයෙන් රට තුළ ශ්‍රමය ලබා ගැනීමේ සිට ආසියාව හා අප්‍රිකාව පුරා මහා පරිමාණ තේ නිෂ්පාදනය ඉහළ යාම දක්වා බොහෝ කරුණු හේතුවෙන් මෙතෙක් කලක් ලෝකය තුළ අණසක පතුරුවමින් සිටි මෙරට වැවිලි කර්මාන්තය දැන් පවතින්නේ අභියෝගයකට ලක් වෙමිනි.

වෙනත් කර්මාන්ත අංශයන් සමඟ වැවිලි කර්මාන්තය සැසඳීමේදී දැකිය හැකි සුවිශේෂී වෙනස්කම් කිහිපයකි. වැවිලි කර්මාන්තය දේශීය වශයෙන් තම අමු ද්‍රව්‍ය නිෂ්පාදන කරද්දී වෙනත් කර්මාන්ත අංශයන් ඔවුන්ට අවශ්‍ය අමු ද්‍රව්‍ය ආනයනය කිරීමට කටයුතු කරති. වැවිලි කර්මාන්තය තුළ ආනයනය කරනු ලබන්නේ අවශ්‍ය යෙදවුම් පමණකි. මෙසේ බැලීමේදී විශේෂත්වයක් උසුලන වැවිලි කර්මාන්තය ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වයද ඉන් මනාව ඉස්මතු කරනු ලබයි.

අද වන විට වතුවල මෙන්ම සමස්ත රටේම පිරිස් අඛණ්ඩව විදේශ රැකියාවන් වෙත යොමු වීමේ ප්‍රවණතාවක් තුල වැටුප් ප්‍රශ්න, ඵලදායීතාව පහළ යාම වැනි තත්වයන් සමඟ ගනු ලබන වැරදි තීරණ හේතුවෙන් හදිසි සහ උපාය මාර්ගික තීරණ ගැනීම දුෂ්කර කරුණක් බවට පත්ව තිබේ.

වැවිලි කර්මාන්තයට ඍජුවම බලපානු ලබන දේශගුණික විපර්යාසයන් ගෝලීය වශයෙන් සිදු වෙමින් පවතින්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයටද ඉමහත් බලපෑමක් එල්ල කරමිනි. වැවිලි භෝගවලට නිශ්චිත පාරිසරික හා දේශගුණික තත්වයන් හේතු වන බැවින් ගෝලීයව සිදුවන දේශගුණික වෙනස්කම් තිරසර කර්මාන්තයක් පවත්වාගෙන යාමට ද අභියෝගයක් වී ඇත.

එසේම අනවබෝධය හා ආර්ථිකමය වශයෙන් නොගැලපෙන තීරණ හේතුවෙන් අත්‍යාවශ්‍ය කෘෂි රසායන තහනම් කිරීම, නිසි ආර්ථක ඇගයීමකින් තොරව සම්පූර්ණයෙන් කාබනික ගොවිතැන වෙත මාරු වීම වැනි තවත් අසාර්ථක වීම්ද කර්මාන්තයට බලපෑම් එල්ල කරන ලදී. අවශ්‍ය රසායනික ද්‍රව්‍ය හා ප්‍රමාණවත් පොහොර නොමැතිව කෘෂිකර්මාන්තය පවත්වාගෙන යා නොහැකි බැවින් ඉහත තීරණ වතුකරයේ ආර්ථිකයටද දැඩි ලෙස බලපෑ බව පැවසිය හැකිය.

තවත් ප්‍රධාන පසුබෑමක් ලෙස ඔයිල් පාම් වගාව තහනම් කිරීම සඳහන් කළ හැකිය. එම වගාව තහනම් කරනු ලැබුවේ අඩුවෙන් වගා කර ඇති ප්‍රදේශයන්හි වර්ෂා මට්ටම ඉහළ යමින් එම ප්‍රදේශ රබර්වලට වඩා ඔයිල් පාම් වගාවට සුදුසු වටපිටාවක් පවතින විටය. පෞද්ගලික අංශය මෙම වෙනස්වීම අවබෝධ කර ගනිමින් 2000 දශකයේ මුල් භාගයේදී වාණිජ වශයෙන් අනාගතයේදී වැදගත් වන ඔයිල් පාම් වගාව ආරම්භ කරන ලදී. එහිදී හෙක්ටයාර 20,000ක මූලික ඉලක්කයක් පැවතියද හෙක්ටයාර 11,000ක් වගා කිරීමෙන් පසු රජය මඟින් වගාව නතර කර දමන ලදී. එහි ප්‍රතිඵලයක් වූයේ අධික වර්ෂාව නිසා රබර් වගාව තව දුරටත් පවත්වාගෙන යා නොහැකි තත්වයකට පත්වීමයි. ඔයිල් පාම් ව්‍යාප්තියද ඉදිරියට ගෙන යාමට නොහැකි වී ඇත්තේ රජය විසින් පනවා ඇති තහනම හේතුවෙනි.

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ ප්‍රගතිය හා සංවර්ධනය වෙනුවෙන් ප්‍රාදේශීය වැවිලි සමාගම්හි ආයෝජනය

ඉහත සඳහන් කළ ගැටලු හඳුනාගනිමින් ඒවා ක්‍රමානුකූලව විසඳීමට කටයුතු කිරීම තුළින් වැවිලි ක්ෂේත්‍රයේ අනාගතයට පමණක් නොව අභියෝගාත්මක ඉදිරි කාලයන්හිදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ශක්තිමත් දායකත්වයක් ලබා දීම සඳහා එහි වර්ධනය හා හැකියාව තහවුරු කිරීම සඳහාද ඉතා වැදගත් වනු ඇත. ඒ හේතුවෙන් ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම හා වත්මන් අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් ක්‍රියාකාරී පියවරයන් රැසක් ගෙන ඇත.

ජාත්‍යන්තර වෙළෙඳපොල තුළ ශ්‍රී ලංකාවේ වැවිලි නිෂ්පාදනයන්හි තරඟකාරීත්වය ඉහළ නංවන ජාත්‍යන්තර ප්‍රමිතීන් ලබා ගැනීම මීට ඇතුළත් වන අතර ජෛව විවිධත්ව සංරක්ෂණය, කාබන් විමෝචනය අවම කිරීම හා ස්වභාවික පරිසර පද්ධති සංරක්ෂණය වැනි තිරසර භාවිතයන් සඳහා ආයෝජනය කිරීමට ප්‍රාදේශීය වැවිලි සමාගම් කටයුතු කිරීමත් සමඟ පාරිසරික ආරක්ෂාවද ප්‍රමුඛ සාධකයක් බවට පත්ව ඇත. එසේම පෞද්ගලීකරණය මෙන්ම සියලු ප්‍රධාන භෝග නැවත වගා කිරීමේ උත්සාහයන් සඳහාද වැඩි අවධානයක් යොමුව ඇති අතර තේ, රබර් හා අනෙකුත් ආර්ථික භෝගයන්හි තිරසරභාවය හා ඵලදායීතාව සහතික කිරීමටද මෙහිදී අරමුණු කොට ගෙන ඇත.

මෙහිදී වගාව හා යන්ත්‍රෝපකරණ වැඩි දියුණු කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කිරීමට කටයුතු කර ඇත්තේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙනි. මීට අමතරව සූර්ය බලශක්තිය වැනි හරිත බලශක්ති විසඳුම් වෙත යොමු වී ඇති ප්‍රාදේශීය වැවිලි සමාගම් ගෝලීය පාරිසරික ඉලක්කයන්ට අනුකූල වීම වෙනුවෙන් කාබන් විමෝචනය ශුන්‍ය කිරීමේ වැඩසටහන් අනුගමනය කරමින් වැවිලි කර්මාන්තයේ තිරසාර අනාගතයකට දායක වී ඇත.

වැවිලි කර්මාන්තය මුහුණ දෙන දැවෙන ප්‍රශ්නවලින් එකක් වන්නේ වැටුප් ප්‍රශ්නයයි. වසර කිහිපයක් තිස්සේ පැනනගිමින් පැවති එම ගැටලුව අද වන විට උච්චතම අවස්ථාවකට පැමිණ ඇත. පෞද්ගලිීකරණය කරන අවස්ථාවේදී සෑම වසර දෙකකට වරක් වැටුප් සංශෝධනය සඳහා සාමූහික ගිවිසුමක් ඇති කරගත් අතර 2021 වසරේදී වෘත්තීය සමිති විසින් ඒකපාර්ශවීය වශයෙන් එම ගිවිසුම අවසන් කරන තෙක් එම ගිවිසුම අනුව වැටුප් සංශෝධන සිදු විය.

ඉන් පසුව පසුගිය මැයි 1 වන දින ප්‍රායෝගික නොවන ආකාරයෙන් 70%ක වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස බල කරන ලදී. ඒ ආකාරයේ වැටුප් වැඩි වීමක් කිසිසේත් දරාගත නොහැකිය. එසේ වූවානම් නිසැකවම වැවිලි කර්මාන්තය සම්පූර්ණයෙන් බංකොලොත්වීමට ඉඩ තිබිණ. දැනටමත් පඩි පාලක මණ්ඩලයේ අනිවාර්ය අවම වැටුප් ව්‍යුහය යටතේ ගෝලීය තේ කර්මාන්තයේ ඉහළම වැටුප් පිරිනමන්නේ ශ්‍රී ලංකාවයි. අවසානයේදී කර්මාන්තය හා සම්බන්ධ සියලු පාර්ශ්වයන් විසින් ගැටලුවේ බරපතල තත්වය අවබෝධ කරගත් අතර ඉදිරි වසර 3 සඳහා අමතර ඵලදායීතා දිරි ගැන්වීමේ දීමනාවක් සමඟ රුපියල් 1,350ක් දක්වා 30%ක වැටුප් වැඩිවීමක එඟතාව පල කරන ලදී.

මෙම සංශෝධිත වැටුප් ප්‍රමාණය පවා කර්මාන්තයට දැවැන්ත අභියෝගයකි. පළමු වසර දෙක තුළ මෙම වියදම් සපුරා ගැනීමේ දුෂ්කරතාවන් පැවතියද මෙම සංශෝධනය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපි කැමැත්ත පළ කර ඇත්තෙමු. කර්මාන්තයේ වර්ධනයක් තුළින් සාමාන්‍ය ලාභ ඉපයීමක් අපේක්ෂා කළ හැක්කේ තෙවැනි වසර තුළදීය. එයද ඵලදායීතාව ඉහළ ගියහොත් හා රාජ්‍ය ප්‍රතිපත්ති මත හෝ දේශගුණික විපර්යාස වැනි බාහිර සාධකවලින් බාධා සිදු නොවන්නේ නම් පමණි.

ශ්‍රී ලාංකේය වැවිලි කර්මාන්තයේ ප්‍රමුඛතම වැවිලි භෝගය වන තේ දැඩි අභියෝග මධ්‍යයේ වුවද ස්ථාවර කාර්ය සාධනයක් ලබා දීමට සමත්ව සිටී. එහෙත් මෑත කාලීන දත්තවලට අනුව 2024 අගෝස්තු මාසයේ අපනයනයන්හි 5.3%ක පහල යාම තුළින් ප්‍රදර්ශනය කරනු ලබන්නේ නිෂ්පාදන අඛණ්ඩව පවත්වා ගැනීමේ ඇති දුෂ්කරතාවයයි. වසර ආරම්භයේදී 2024 වසරේ ඉලක්කය බවට පත් වූයේ තේ කිලෝ ග්‍රෑම් මිලියන 300ක් නිෂ්පාදනය කිරීම වුවත් දැන් එය කළ නොහැකි බව පෙනෙන්නට ඇත. දැනට ගණන් බලා ඇති පරිදි සම්පූර්ණ නිෂ්පාදනය තේ කිලෝග්‍රෑම් මිලියන 250 දක්වාවත් ළඟා නොවනු ඇත. මීට හේතු වී ඇත්තේ ශ්‍රම බලකාය පහත වැටීම හා ඵලදායී මට්ටම් පහළ යාමයි. මෙවන් අභියෝග මධ්‍යයේ වුවද නිෂ්පාදන ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හා නැති වී ගිය නිෂ්පාදනය යළි ලබා ගැනීමට කර්මාන්තය විසින් විවිධ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරමින් සිටියි.

අහිතකර දේශගුණික තත්වයන් හා වක්‍ර ලප පත්‍ර රෝගය (Circular Spot Leaf Disease) වැනි රෝග හේතුවෙන් රබර් නිෂ්පාදනයේ ද සැලකිය යුතු පහත වැටීමක් සිදුව ඇති අතර රබර් වගා කරන සාම්ප්‍රදායික ප්‍රදේශ ආර්ථික වශයෙන් තිරසාර නොවන තත්වයට පත් කර ඇත. රබර් කර්මාන්තයේ තිරසර භාවය වෙනුවෙන් උපාය මාර්ගිකව නැවත වගා කිරීම හා වඩාත් සුදුසු වගා ප්‍රදේශ හඳුනා ගැනීම අත්‍යාවශ්‍ය වේ.

වර්තමාන දේශගුණික තත්වයන්ට අනුවර්තනය වීමේ හැකියාව හා අවම ශ්‍රම අවශ්‍යතාවක් සහිත වටිනා ඔයිල් පාම් මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ කෘෂිකාර්මික දියුණුවට හේතු වී ඇත. විශේෂයෙන් රබර් වගාව සඳහා නුසුදුසු එහෙත් ඔයිල් පාම් වගාවට වඩාත් සුදුසු වර්ෂාපතනය අධිකව පවතින අඩු වගා වර්ධනයක් පවතින ප්‍රදේශවල ඔයිල් පාම් වගා කිරීමෙන් ශ්‍රී ලංකාවට එවන් දියුණුවක් අත්කර ගැනීමට හැකි වේ. මුලින් හෙක්ටයාර 20,000ක ඔයිල් පාම් වගාව සිදු කිරීමට සැලසුම් කළද රජයේ මැදිහත්වීම මත එය හෙක්ටයාර 11,000කට සීමා විය. ශ්‍රී ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ ඵලදායීතාව ඉහළ නැංවීම වෙනුවෙන් තිරසාර වගා පිළිවෙත් සමඟ ඔයිල් පාම් වගාව නැවත ආරම්භ කිරීම ඉතා වැදගත් වනු ඇත.

තවද අද වන විට කුළුබඩු සහ පලතුරු වැනි ඉහළ වටිනාකමකින් යුත් ද්විතීයික බෝග විවිධාංගීකරණය තුලින් අපනයනය පුලුල් කිරීමේ උත්සාහයෙහි යම් සාර්ථකත්වයක් දැකිය හැකිය. එය තේ සහ රබර් වැනි ප්‍රාථමික භෝග මත අධික ලෙස යැපීමේ අවදානම අවම කිරීමට උපකාරී වේ.

එසේම වන වගාව සහ ජල විදුලිය ඇතුලු විවිධාංගීකරණය වෙනුවෙන් සිදු කරන ලද අනෙකුත් වැඩසටහන්ද මේ වන විට සාර්ථකව ඉදිරියට යමින් පවතී. වාණිජ දැව වගාව සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කර ඇති ප්‍රාදේශීය වැවිලි සමාගම් ඒ තුළින් සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති වුවද අඩි 5000ට වැඩි උසකින් යුත් වාණිජ දැව සපයා ගැනීම තහනම් කිරීමෙන් පසු ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් ඔවුන්ගේ තිරසාර ඉන්ධන සපයා ගැනීම නවතා දැමීය. තිරසාර වාණිජ වන වගාව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රතිඵත්තියකින් නොමැති වීම හා නිසි නියාමනයක් නොමැති වීම හේතුවෙන් වන ආවරණය ක්‍රමයෙන් අඩුවීමට හේතු විය හැකිය. ඒ හේතුවෙන් පාරිසරික ස්ථාවර බව හා තිරසාර වන කළමනාකරණය තහවුරු කිරීම සඳහා මෙම ප්‍රදේශ ස්වාභාවික වනාන්තර බවට පත් කරන අතරම වගකීමෙන් යුතුව එවැනි දැව අස්වනු නෙලීම ඉතා වැදගත් වේ.

උද්‍යාන අලංකරණයට පිවිසී ඇති කර්මාන්තය මෑතකදී කර්මාන්තශාලා නවීකරණයට සමගාමීව සූර්ය බලශක්තිය භාවිත කිරීමට කටයුතු කිරීම ඊට ඉමහත් පිටිවහලක් වී ඇත. 1992 වසරේ සිට රබර් සහ ඔයිල් පාම්වල නැවත වගා කිරීමේ උත්සාහයක් ගෙන ඇති අතර AEN මෝලක් පිහිටුවීමට කටයුතු කළ ඔවුන් ඔයිල් පාම් හෙක්ටයාර් 11,000ක් වගා කිරීමට සමත් විය. බොහෝ සමාගම් වෙනත් භෝගවලට විවිධාංගීකරණය සහ අගය එකතු කිරීමේ වැඩසටහන්ද අනුගමනය කර ඇත.

දිගුකාලීන විසඳුම්වල කඩිනම් අවශ්‍යතාව

තේ වගාවේ ශ්‍රම බලකාය පෞද්ගලීකරණය කළ කාලයේ සිට 50%කින් අඩු වී ඇති අතර ඒ තුළින් ක්ෂේත්‍ර සහ කර්මාන්ත ශාලා මෙහෙයුම් යන දෙකටම බලපෑමක් එල්ල කර ඇත්තේ සැලකිය යුතු ශ්‍රම හිඟයක් ඇති කරමිනි. වතුකරයේ නිෂ්පාදන තිරසාර අයුරින් පවත්වාගෙන යාමට හා දිගු කාලීන අනාගතය වෙනුවෙන් ඇති එකම මාර්ගය වන්නේ නව තාක්ෂණය භාවිත කිරීමයි.

මෙම ශ්‍රම හිඟය අවම කිරීමට කර්මාන්ත ක්ෂේත්‍ර හා කර්මාන්ත ශාලා යන දෙකෙහිම යාන්ත්‍රීකරණය හා ස්වයංක්‍රීයකරණය සඳහා යොමු විය යුතුය. අස්වැන්න නෙලීමේ සහ කප්පාදු කිරීමේ සිට ඩ්‍රෝන යන්ත්‍ර භාවිතයෙන් ගුවනින් ඉසීම දක්වා බොහෝ ක්ෂේත්‍රවල කටයුතු යාන්ත්‍රීකරණය කිරීමේ තාක්ෂණයන් දැනටමත් ක්‍රියාත්මක කර ඇත. එම තාක්ෂණයන් බඩු එහා මෙහා ගෙනයන නිෂ්පාදන මාර්ග ඇතුලුව කර්මාන්ශාලා ස්වයංක්‍රීය කිරීම, ශ්‍රම පරතරය පිරවීම හා වෙළෙඳපොලේ තරඟකාරීත්වය පවත්වා ගැනීම යන කරුණු සඳහාද ඉතා වැදගත් වේ.

මෙහි සම්පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට මෙන්ම තිරසාර අනාගතයක් වෙනුවෙන් මෙම තාක්ෂණයන් පරිපූර්ණ ලෙස භාවිත කළ යුතු අතර අතින් සාදන ලද නිෂ්පාදනයන් තෝරා බේරා නිපදවිය යුතුය. එසේම බොහෝ වාණිජ නිෂ්පාදන යාන්ත්‍රික ක්‍රියාවලි මඟින් මෙහෙයවිය යුතුය. කර්මාන්තය මේ වන විටත් අස්වනු නෙලීම හා කප්පාදු කිරීම වැනි යාන්ත්‍රික ක්‍රියාකාරකම්වල හා ගුවන් කාර්යයන් සඳහා ඩ්‍රෝන යෙදවීමේ කාර්යයන්හි නිරත වන තරමට දියුණු වී ඇත.

වතු සමාගම් ප්‍රධාන වශයෙන් වගාකරුවන් ලෙස කටයුතු කරන බැවින් ඔවුන් මුහුණ දෙන ආර්ථික දුෂ්කරතාවයන් හඳුනා ගැනීම ද ඉතා වැදගත් වනු ඇත. සමස්ත නිෂ්පාදන පිරිවැයෙන් 60%කට වැඩි ශ්‍රම වියදමක් දරන ඔවුන් වඩාත් නියාමනය කරන ලද වෙන්දේසි ක්‍රමය තුළ වැවිලි කර්මාන්තය මිල ගන්නන් වීම හේතුවෙන් නිෂ්පාදකයින් තව දුරටත් අවදානමකට ලක් වේ. අපනයනකරුවන් ලාභ ආන්තිකයක් සහිතව නිෂ්පාදන මිලදී ගන්නා අතර නිෂ්පාදකයින් ඉහළ පහළ යන වෙන්දේසි මිල ගණන් අනුව අලෙවි කරනු ලබයි. මින් ඉස්මතු කෙරෙන්නේ සැපයුම් දාමයේ ප්‍රධාන සාධකය වන ඔවුන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාවයයි.

විකිණීමේ ප්‍රධාන ක්‍රමය වන වෙන්දේසි ක්‍රමය ඍජුවම විකිණීමට අපේක්ෂා කරන පුද්ගලයින් හට සැලකිය යුතු නියාමන අවශ්‍යතාවක් මතු කරන අතර මෙම අභියෝග හේතුවෙන් තේ කර්මාන්තයේ දිගුකාලීන තිරසාරභාවය පවත්වා ගැනීමට නිෂ්පාදකයාගේ අවශ්‍යතාව ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

තිරසාර හා තරඟකාරී අනාගතයක් නිර්මාණය කිරීම

මෙරට වැවිලි කර්මාන්තයේ ශක්තීන් මත නිර්මාණය වන එහි අනාගතය මුහුණ දීමට සිදුවන අභියෝගවලට අනුවර්තනය වීමේ හැකියාව තුළ රැඳී පවතී. අඩුවන ශ්‍රම බලකාය හා සැලකීමේදී තාක්ෂණය හා නවෝත්පාදනය තරඟකාරීත්වය සඳහා ඉතා වැදගත් වන අතර ක්ෂේත්‍ර හා කර්මාන්තශාලාවන්හි මෙහෙයුම් යාන්ත්‍රීකරණය කිරීමද අත්‍යාවශ්‍ය කරුණක් වේ.

ගොවිතැන් ක්‍රම ඉහළ නැංවීම, අස්වැන්න වැඩි කිරීම සහ ආයෝජනය ශක්තිමත් කර ගැනීම සඳහා නිවැරදි කෘෂිකර්මාන්තය ඉතා වැදගත් වේ. තවද වගකිව යුතු ජල කළමනාකරණය, රසායනික භාවිතය අවම කිරීම සහ නැවත වන වගාව තුළින් තිරසාරත්වයට ප්‍රමුඛතාවය දෙමින් වතු වගාවන් දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දිය හැකි තත්වයට පත් කළ හැකිය.

ප්‍රතිපත්තීන්හි පවතින ස්ථාවර බවද තරඟකාරී අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වැදගත් සාධකයකි. අනපේක්ෂිත ආකාරයේ රාජ්‍ය මැදිහත්වීම් ආයෝජනයන් වළකාලමින් දියුණුවට බාධා ඇති කරනු ලබයි. උපාය මාර්ගික සැලසුම් හා දිගු කාලීන වර්ධනය සඳහා ඉඩ සලසන්නේ ස්ථාවර, දත්ත පාදක කරගත් නියාමන පරිසරයයි.

ආරම්භයේදී පෞද්ගලීකරණය උනන්දුව හා ගිවිසුම් තුළින් තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවලට ගැලපෙන විසඳුම් අත්හදා බැලීමට සහ නව්‍යකරණයන් වෙනුවෙන් ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙත අවස්ථාව ලබා දුනි. එහෙත් පසුකාලීන රාජ්‍ය මැදිහත් වීම් කර්මාන්තයේ මෙම මුල් අරමුණට බාධා ඇති කළ නමුත් පෞද්ගලීකරණ අවශ්‍යතාවන්ට හා ප්‍රතිපත්තිවලට සම්පූර්ණයෙන් අනුගත වීම තුළින් දැනට කර්මාන්තය තුල පවතින බොහෝ ගැටලු නිරාකරණය කර ගත හැකි අතර ආයෝජකයින්ට කර්මාන්තය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පියවර ගැනීමේ විශ්වාසයද ලබා දිය හැකිය.

වෙනස්කම් අනුගමනය කිරීම, සේවක සුභසාධනයට ප්‍රමුඛත්වය ලබා දීම, නවෝත්පාදනයන් අනුගමනය කිරීම සහ ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කරන බවට තහවුරු කිරීම තුළින් මෙරට වැවිලි කර්මාන්තයට ගෝලීය ප්‍රමුඛතාව හිමි කර ගත හැකි වනු ඇත. අභියෝග පිළිබඳ අවධානය යොමු කළ යුතු අතරම හවුල් දැක්මක් හා සාමූහිකව කටයුතු කිරීම තුළින් සමෘද්ධිමත් හා තිරසාර අනාගතයක් උදාකර ගැනීමට හැකි වනු ඇත.

Previous Post

HNB, 2024 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී සම්මාන රැසකින් පිදුම් ල

Next Post

TAGS 2024 සම්මාන උළෙලේදී DIMO සමස්ත රිදී සම්මානය දිනා ගනියි

news

news

Related Posts

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

by news
July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

by news
July 9, 2026
සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි
ව්යාපාරික

සැම්සන් ට්‍රේඩින් (පුද්.) සමාගම TVS සමඟ එක්ව යතුරුපැදි ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සටහන් කරයි

by news
May 27, 2026
IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි
ව්යාපාරික

IRCSL සහ IASL එක්ව මෙරට රක්ෂණ කර්මාන්තයේ ඉදිරි සංවර්ධන සැලසුම් එළිදක්වයි

by news
April 22, 2026
ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි
ව්යාපාරික

ජස්ලා ඉස්මත් TikTok හි රාමසාන් ආහාර වට්ටෝරු තුලින් සාම්ප්‍රදායිකත්වය අරුත් ගන්වයි

by news
April 2, 2026
Next Post
TAGS 2024 සම්මාන උළෙලේදී DIMO සමස්ත රිදී සම්මානය දිනා ගනියි

TAGS 2024 සම්මාන උළෙලේදී DIMO සමස්ත රිදී සම්මානය දිනා ගනියි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Recommended

ප්‍රයිම් ලෑන්ඩ්ස් ‘World Business Outlook Awards 2024’ හිදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

November 13, 2024
‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

‘The Impossible Shot’ වන ජීවී ඡායාරූපකරණය හා ක්‍රියාකාරකම් පිළිබඳ සුවිශේෂී සන්ධ්‍යාවක් අත් විඳින්න

March 17, 2025

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Don't miss it

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි
අධ්යාපනය

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි
ව්යාපාරික

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026
ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්
ව්යාපාරික

ශ්‍රී ලාංකිකයින්ට වාහන සිහිනය සැබෑ කරගැනීමට HNB සහ Euro Motors වෙතින් නව හවුල්කාරිත්වයක්

July 9, 2026
පාපන්දු ක්‍රීඩාව සමඟ අඩ සියවසක බැඳීම හා 140 වසරක විශිෂ්ටත්වය සමඟින් කොකා-කෝලා 2026 FIFA ලෝක කුසලානයේ නිල සිසිල් බීම සන්නාමය බවට පත් වෙයි
විනෝදාස්වාදය

දේශීය ව්‍යාපාරවල විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් මහනුවරදී CDB SMB Fair 2026 පවත්වන ලදී

July 4, 2026
ප්‍රීමා සන්රයිස් 2026 ශ්‍රී ලංකා කලාපීය කණිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලියට අනුග්‍රහය දක්වයි

June 2, 2026
Times24.lk | සිංහල

Stay informed with the latest news, happenings, and developments from around the world on Times24.lk Trust Times24.lk for accurate and reliable news reporting, delivered to you 24/7. Visit our website today and stay ahead of the curve!

Categories

  • උණුසුම් පුවත්
  • ව්යාපාරික
  • ගමන්
  • අධ්යාපනය
  • විනෝදාස්වාදය
  • ආහාර
  • රජය
  • තොරතුරු තාක්ෂණය
  • ජීවන රටාව
  • දේශීය
  • ක්රීඩා
  • Uncategorized

Recent News

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

ගල්ඔය සීනි කර්මාන්තශාලාව ශ්‍රී ලාංකේය උක් වගාවේ හා ගොවි ජනතාවගේ හෙට දවස සවිමත් කරයි

July 28, 2026
Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

Huawei සමාගම, AHEAD වැඩසටහන ආරම්භ කරමින් අධ්‍යාපන හා සෞඛ්‍යය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් නව වැඩපිළිවෙලක් ගොඩනැගීමට සැරසෙයි

July 9, 2026

© 2024 times24.lk All Rights Reserved

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • ලෝක
  • ජීවන රටාව
  • ව්යාපාරික
  • විනෝදාස්වාදය
  • ක්රීඩා

© 2024 times24.lk All Rights Reserved